Friday, July 5, 2019

Android versions වල ඉතිහාසයෙන් බිඳක්...

ගොඩක් දවසකට පස්සේ අද තමයි මම post එකක් දාන්නේ..ඒ වගේම මගේ Facebook page එකට like කරලා තිබුනා ගොඩක් අය..ඒ හැමෝටම ගොඩක් ස්තූතියි..දිගටම මගෙත් එක්ක රැදෙන්න කියලා මම ආරාධනා කරනවා ඔයාලට...

ඔයාලා ගොඩක් අය Android OS එකක් තියන smartphone එකක් නේ use කරන්නේ...අද වන විට මෙම ඇන්ඩ්‍රොයිඩ් ජංගම මෙහෙයුම් පද්ධති (Android mobile operating system) වල විවිධ versions තියනවා කියලා ඔයාලා දන්නවනේ...ඉතින් අද මම ආවේ සියලුම Android version වල (පැරණි සහ නව) විස්තරයක් අරගෙන...ඔයාලා දන්නවා ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ Mobile සහ Tablet සඳහා නිර්මාණය කරලා තියන Linux based මෙහෙයුම් පද්ධතියක් කියලා. ඉතින් මේ versions වල ඉතිහාසය ආරම්භ වුනේ 2007 නොවැම්බර් 5 වන දින ඇන්ඩ්‍රොයිඩ් බීටා (beta) කියන version එක release කිරීමත් සමඟ.


පහත දැක්වෙන රූපයෙන් Google play store භාවිතා කරලා තියන ප්‍රමාණයට අනුව Android versions වල distribution එක 2009  සිට සාරාංශ කරලා තියනවා.




Android 1.0 (API 1)

පළමු commercial version එක වන Android 1.0 release කරේ 2008 සැප්තැම්බර් 23.‍‍‍ වාණිජමය(commercial) වශයෙන් ලබා ගත හැකි වුන පළමු ඇන්ඩ්‍රොයිඩ් උපාංගය උනේ HTC Dream කියන උපාංගය.

Android 1.1 (API 2)


මුලින්ම HTC Dream උපාංගය සඳහා පමනක් 2009 පෙබරවාරි 9 වන දින Android 1.1 update එක release කරලා තියනවා. "Petit Four" යනුවෙන් Android 1.1 හැඳින්වූ අතර, මෙම නම නිල වශයෙන් භාවිතා කරලා නැහැ.





Android 1.5 Cupcake (API 3) 


2009 අප්‍රේල් 27 වන දින Android 1.5 update එකක් ‌ලෙස release කරලා තියනවා. මම මුලින්ම කිව්වා මතකයි නේද Android OS එකක් run වෙන්නේ ලිනක්ස් කර්නලයක් (Linux Kernel එකක්) මත කියලා. ඉතින් මේ Android version එක Linux Kernel 2.6.27 කියන version එක මත පදනම්ව තමයි release කරලා තියන්නේ. අපි කවුරුත් අතුරුපසක රස විදින්න කැමතිනේ...ඉතින් මේ version එකේ ඉදලා ඉදිරියට නිකුත් කරපු සෑම version එකක් සඳහාම නිල වශයෙන් කේත නාමයක් (Code Name එකක්) විදිහට අතුරුපසක නමක් භාවිතා කළ අතර ඒ ආකාර‌යේ නමක් භාවිතා කළ පළවෙනි release එක වුනේ මේක. එහිදී භාවිතා කළ නම වුනේ ("Cupcake").



Android 1.6 Donut (API 4) 


2009 සැප්තැම්බර් 15 වන දින 2.6.29 ලිනක්ස් කර්නල් එක මත පදනම්ව Android 1.6 Donut version එක release කරලා තියනවා.




Android 2.0 Eclair (API 5)

Android 2.0 Éclair version එක 2.6.29 ලිනක්ස් කර්නල් එක මත පදනම්ව 2009 ඔක්තෝබර් 26 වන දින release කරලා තියනවා.

Android 2.0.1 Eclair (API 6)

කලින් නිකුත් කරපු version එකේ තිබුන දෝෂ නිවැරදි කරලා කුඩා වෙනස්කම් සමඟ 2009 දෙසැම්බර් 3 වන දින මේ version එක release කරලා තියනවා.

Android 2.1 Eclair (API 7)

මේ version එකත් කලින් නිකුත් කරපු version එකේ තිබුන දෝෂ නිවැරදි කරලා කුඩා වෙනස්කම් සමඟ 2010 ජනවාරි 12 වන දින  තමයි release කරලා තියන්‌නේ.




Android 2.2 Froyo (API 8)

2010 මැයි 20 වන දින 2.6.32 ලිනක්ස් කර්නල් එක මත පදනම්ව Android 2.2 Froyo version එක release කරලා තියනවා.


Android 2.3 Gingerbread (API 9)


2010 දෙසැම්බර් 6 වන දින 2.6.35 ලිනක්ස් කර්නල් එක මත පදනම්ව Android 2.3 Gingerbread version එක release කරලා තියනවා.

Android 2.3.3 Gingerbread (API 10)


මේ version එක කලින් නිකුත් කරපු version එකේ තිබුන දෝෂ නිවැරදි කරලා කුඩා වෙනස්කම් සහ වැඩිදියුණු කිරීම් සමඟ 2010 ජනවාරි 12 වන දින release කරලා තියන්‌නේ.








Android 3.0 Honeycomb (API 11)


2011 පෙබරවාරි 22 වන දින 2.6.36 ලිනක්ස් කර්නල් එක මත පදනම්ව Android 3.0 Honeycomb version එක පළමු වතාවට Tablet සඳහා පමණක් release කරලා තියනවා. ඒ වගේම මෙම version එක ඇතුළත් පළමු උපාංගය වන Motorola Xoom tablet එක 2011 පෙබරවාරි 24 වන දින release කරලා තියනවා.

Android 3.1 Honeycomb (API 12)


මේ version එක release කරලා තියන්නේ 2011 මැයි 10

Android 3.2 Honeycomb (API 13)


මේ version එක release කරලා තියන්නේ 2011 ජූලි 15.





Android 4.0 Ice Cream Sandwich (API 14)


ලිනක්ස් කර්නල් 3.0.1 එක මත පදනම්ව Android 4.0.1 (Ice Cream Sandwich) සඳහා වන SDK(Standard Development Kit) එක 2011 ඔක්තෝබර් 19 වන දින release කරලා තියනවා. Android 4.0 සඳහා වන Source code 2011 නොවැම්බර් 14 වන දින ලබා ගන්න පුලුවන් වුනා. Adobe System එකේ තියන Flash Player එක සඳහා නිල වශයෙන් සහාය දුන් අවසාන version එක වුනේ Ice Cream Sandwich.



Android 4.0.3 Ice Cream Sandwich (API 15)


මේ version එක release කරලා තියන්නේ 2011 දෙසැම්බර් 16.



Android 4.1 Jelly Bean (API 16)


2012 ජුනි 27 වන දින Google I/O සමුළුවේදී Android 4.1 Jelly bean version එක හඳුන්වා දීලා තියනවා. ලිනක්ස් කර්නල් 3.0.31 එක මත පදනම්ව ඉදිරිපත් කරන ලද මෙම version එක තවදුරටත් Jelly bean වැඩි දියුණු කිරීමේ මූලික අරමුන සහිතව update එකක් ලෙසයි ඉදිරිපත් කරලා තියන්නේ. 2012 ජූලි 9 වන දින Android Open Source Project එකක් ලෙස Android 4.1 Jelly bean release කරන ලද අතර Jelly bean version එක run කරන ලද පළමු උපාංගය වන Nexus 7 tablet එක 2012 ජූලි 13 වන දින නිකුත් කරන ලදී.

Android 4.2 Jelly Bean (API 17)


2012 ඔක්තෝබර් 29 වන දින නිව්යෝර්ක් නගරයේ පැවති උත්සවයකදී ගූගල් සමාගම විසින් Jelly bean 4.2 නිවේදනය කරනු ඇතැයි අපේක්ෂා කළ නමුත් සැන්ඩි සුළි කුණාටුව හේතුවෙන් එය අවලංගු කරන ලදී. කෙසේ නමුත් පසුව පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් Jelly bean 4.2 version එක ප්‍රකාශයට පත් කරලා තියනවා. Jelly bean 4.2 version එක ලිනක්ස් කර්නල් 3.4.0 එක මත පදනම් වූ අතර ගූගල් හි Nexus 4 සහ Nexus 10 මත ආරම්භ කරන ලද අතර ඒවා 2012 නොවැම්බර් 13 වන දින නිකුත් කරන ලදී.

Android 4.3 Jelly Bean (API 18)


Android 4.3 Jelly bean version එක ගූගල් සමාගම විසින් 2013 ජුලි 24 වන දින සැන් ෆ්‍රැන්සිස්කෝ හි දී release කරලා තියනවා. ඒ version එකේ තිබුන සුළු දෝෂ නිවැරදි කිරීමක් මඟින් නැවත 2013 අගෝස්තු 22 දින Jelly bean update එකක් release කරලා තියනවා.





Android 4.4 KitKat (API 19)


ගූගල් සමාගම විසින් 2013 සැප්තැම්බර් 3 වන දින Android 4.4 KitKat version එක නිවේදනය කරන ලදී. KitKat version එක ගූගල් හි Nexus 5 උපාංග සඳහා 2013 ඔක්තෝබර් 31 වන දින release කරන ලද අතර පෙර තිබූ Android version වලට වඩා විශාල පරාසයක උපාංග ධාවනය කිරීමට මෙම version එකට හැකියාව තිබුණි.

Android 4.4W KitKat, with wearable extensions (API 20)


2014 ජුනි 24 වන දින Android wear devices සඳහා පමණක් Android 4.4W KitKat version එක නිකුත් කරන ලදී.




Android 5.0 Lollipop (API 21)


Android 5.0 Lollipop version එක 2014 ජුනි 25 වන දින Google I/O හි දී ඇන්ඩ්‍රොයිඩ් එල්” යන Code Name එක යටතේ එළිදක්වන ලදී. එහි update එකක් 2014 නොවැම්බර් 12 වන දින release කරලා තියනවා. ඒ වගේම එහි source code එක 2014 නොවැම්බර් 3 වන දින ලබා දෙන ලදී.

Android 5.1 Lollipop (API 22)


2015 මාර්තු 9 තමයි මේ version එක release කරලා තියන්නේ.




Android 6.0 Marshmallow (API 23)


Android 6.0 Marshmallow version එක 2015 මැයි 28 වන දින Google I/O හි දී “ඇන්ඩ්‍රොයිඩ් එම්” යන Code Name එක යටතේ Nexus 5 සහ Nexus 6 Mobile Phone, Nexus 9 Tablet සහ Nexus Player සඳහා හඳුන්වා දෙන ලදි.



Android 7.0 Nougat (API 24)


ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති අතර main release කිරීමක් ලෙස Android 7.0 Nougat version එක හඳුන්වන්න පුලුවන්. එය ප්‍රථම වරට සංවර්ධක පෙරදසුනක් (preview එකක්) ලෙස 2016 මාර්තු 9 වන දින නිකුත් කරන ලද අතර අවසාන පෙරදසුන (preview එක) 2016 ජූලි 18 වන දින නිකුත් කරන ලදී.ඒ අනුව version එකෙහි final release එක 2016 අගෝස්තු 22 වන දින සිදු කරන ලදි. 

Android 7.1 Nougat (API 25)


Nexus 5X, Nexus 6P සහ Pixel C සඳහා සංවර්ධක පෙරදසුනක් (preview එක) ලෙස ගූගල් සමාගම විසින් Android 7.1 Nougat version එක 2016 ඔක්තෝබර් 19 වන දින release කරලා තියනවා. දෙවනි පෙරදසුන (preview එක) release කරලා තියන්නේ 2016 නොවැම්බර් 22.





Android 8.0.0 Oreo (API 26)


ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ 8 වන main release එකක් ලෙස Android 8.0.0 Oreo හඳුන්වන්න පුලුවන්. අවසාන සංවර්ධක පෙරදසුන (preview එක) 2017 ජූලි 24 වන දින release කරන ලද අතර Android 8.0.0 Oreo version එක release කරලා තියන්නේ  2017 අගෝස්තු මාසයේදී.

Android 8.1.0 Oreo (API 27)


ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ 8 වන main release එකක් ලෙස Android 8.1.0 Oreo හඳුන්වන්න පුලුවන්. ප්‍රථම වරට සංවර්ධක පෙරදසුනක් (preview එකක්) 2017 ඔක්තෝබර් 25 වන දින නිකුත් කරන ලද අතර දෙවන සංවර්ධක පෙරදසුන (preview එක)  Nexus සහ Pixel උපාංග සඳහා 2017 නොවැම්බර් 27 වන දින ලබා දෙන ලදී. ඒ අනුව ස්ථීරවම Android 8.1.0 Oreo version එක release කරලා තියන්නේ  2017 දෙසැම්බර් 5.




Android 9 Pie (API 28)


ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ 9 වන main release එක ලෙස Android 9 Pie හඳුන්වන්න පුලුවන්.එය ගූගල් සමාගම විසින් ප්‍රථම වරට 2018 මාර්තු 7 වන දින ප්‍රකාශයට පත් කරන ලද අතර පළමු සංවර්ධක පෙරදසුන (preview එක) එදිනම නිකුත් කරන ලදී. Android 9 Pie version එකේ පළමු නිල නිකුත් කිරීම කරන ලද්දේ 2018 අගෝස්තු 6.






Android 10 Q (API 29)


ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ 10 වන main release එක ලෙස Android 10 Q හඳුන්වන්න පුලුවන් එය ගූගල් සමාගම විසින් ප්‍රථම වරට 2019 මාර්තු 13 වන දින ප්‍රකාශයට පත් කරන ලද අතර පළමු beta version එක එදිනම නිකුත් කරන ලදී. දෙවනි beta version එක 2019 අප්රේල් 3 වන දින නිකුත් කරන ලදී. තුන් වන beta version එක 2019 මැයි 7 වන දින Google I/O සමුළුවේදී release කරලා තියනවා. ඉන්පසුව ජුනි 5 වන දින තමයි ගූගල් සමාගම විසින් සිව්වන beta version එක release කරලා තියන්නේ.





මේ තොරතුරු වලින් ඔයාලා දැනුමක් ලබා ගත්තා කියලා මම හිතනවා...ඒ වගේම මෙම තොරතුරු වලින් කාටහරි උපකාර කළ හැකි යැයි ඔයාලා හිතනවා නම් ඔයාලගේ මිතුරන් සමඟ share කර ගන්නත් අමතක කරන්න එපා...මගෙත් එකක් දිගටම රැදෙන්න කියලා කියන ගමන් සියලු දෙනාටම සුබ දවසක්...