Sunday, November 18, 2018

Views සහ Layouts ගැන ඉ‌ගෙනගමු..

Android studio වලින් වැඩ කරන්න කලින් ඔයාලට views සහ layouts ගැන මූලික අදහසක් තියෙන්න ඔිනි.අද මේ post එකෙන් මම ඒ ගැන කියලා දෙන්නම්.

හොඳයි යාළුවනේ එහෙනම් පාඩම පටන් ගමු…

මුලින්ම View එකක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්නම්...

අපි හදන android application එකක් සඳහා User Interface (UI) එකක් ගොඩනැගීමට අවශ්‍ය මූලික අංගයක් ලෙස View එකක් හඳුන්වන්න පුලුවන්ඒ වගේම අපි ලබාදෙන inputs සහ outputs වලට ප්‍රතිචාර දක්වන කුඩා rectangular box එකක් ලෙසත් හඳුන්වනවා.
සාමාන්‍යයෙන් භාවිතා කරනViews කිහිපයක් පහළින් දැක්වෙනවා.
  • EditText
  • ImageView
  • TextView
  • Button
  • ImageButton
  • CheckBox

මේ views හැම එකකටම attributes තියනවා.ඒවා මුලින්ම හඳුනාගෙන ඉමු.

id:
Syntax : android:id = @+id/id_name

id attribute එක සාමාන්‍යයෙන් use කරන්නේ layout  XML file එක තුළ තියන views
define කිරීමට  සහ ඒ එක් එක් view, Java code එකට reference කරන්න.

height & width:
Syntax:android:layout_width="match_parent"
            android:layout_height="match_parent" 

අපි use කරන view එකට උස සහ පළල ලබා දීමට මෙම  attributes භාවිතා කරනවා.
ඒ වගේම XML file එකක තියන සෑම  view එකකටම මේ attribute එක අවශ්‍යයි.



Padding & Marging:
syntax: android: padding = "10dp"
             android: layout_margin = "10dp"

Padding කියන්න‌ේ  view එකේ border එක සහ content එක අතර තියන space එකට.Content එක වටා මේ padding එක විහිදෙනවා.

Marging කියන්නේ border එකට සහ view එකට පිටින් තියන elements අතර තියන space එකට.පහළින් දැක්වෙන image එක බැලුවම ඒ බව පැහැදිලිව තේරුම් ගන්න පුලුවන්.


OnClick:
android:onclick= “buttonClick”(Click event එකට අදාළව නම වෙනස් කරගන්න පුලුවන්.)

View එකට අදාළ activity තුළ (Java Code ලියන activity වල) interface(onClickListener) එකක් හදන්නේ නැතුව කෙලින්ම click events (Button click ආදිය) හැසිරවීමට මේ attribute එක යොදා ගන්න පුලුවන්.(ඉදිරියට කරන පාඩම් වලදී onClickListener භාවිතා කරන විදිහ කියලා ‌දෙන්නම්..)

text:
android:text="Text"

මෙම attribute එක භාවිතා කරලා  view එකක් තුළ text එකක් display කරන්න පුලුවන්.

src:
android:src = @drawable/firstpic”

application එකට images add කරන්න මේ මඟින් පුලුවන්.

android: maxHeight:
මේ attribute එක විකල්පයක් ලෙස View එකක් සඳහා උපරිම උසක් ලබාදීමට භාවිතා කරනවා.

android:maxWidth:
මේ attribute එක විකල්පයක් ලෙස View එකක් සඳහා උපරිම පළලක් ලබාදීමට භාවිතා කරනවා.

android:hint:
View එකක් තුළ text එකක් type නොකර ඒ වෙනුවට යම් ඉඟියක්(a hint for text) display කිරීමට මෙය යොදාගත හැක.

android:inputType:
Inputs විදිහට text field එකකට data enter කරන අවස්ථාවකදී, user enter කරන ඔිනි කුමන ආකාරයේ data type එකක් ද යන්න මෙමඟින් ලබාදිය හැක.

android:textAppearance:
text එකක් සඳහා text color, typeface, size සහ style ලබා දීම‌ට මෙය භාවිතා කරනවා.

android:textColor:
text එකක් සඳහා text color එකක් ලබා දීම‌ට මෙය භාවිතා කරනවා.

android:textSize:
text එකක් සඳහා text size එකක් ලබා දීම‌ට මෙය භාවිතා කරනවා.

දැන් බලමු ViewGroup එකක් කියන්නේ මොකද්ද කියලා.

ViewGroup එකක් කියන්නේ සරලව කිවුවොත් වෙනත් view කිහිපයක් අන්තර්ගත වෙන විශේෂ view එකකට.ඒ කියන්නේ ViewGroup එකක් තුළ වෙනත් ViewGroup කිහිපයක් හෝ view කිහිපයක් තියෙන්න පුලුවන්.ඒ වගේම layout සඳහා base class එකක් ලෙසත් ViewGroup හඳුන්වනවා.මේ image එකෙන් ඔයාට ViewGroup ගැන සරල අදහසක් ගන්න පුලුවන්.



Android වල සාමාන්‍යයෙන් භාවිතා කරන ViewGroup subclasses කිහිපයක් මම විස්තර කරන්නම්..
  • LinearLayout
  • RelativeLayout
  • ScrollView

LinearLayout
Layout එකක් තුළ තියන view එකක් හෝ කිහිපයක් තිරස් අතට තනි තීරුවකින් හෝ සිරස් අතට තනි පේළියකින් දැක්වීමට LinearLayout එක යොදාගන්න පුලුවන්.
Layout XML file එක තුළ LinearLayout එක පහළින් දැක්වෙන විදිහට පෙන්නනවා.


Layout එක තුළ views, displayවෙන්න ඔිනි පේළියට හෝ තීරුවට ද යන්න මෙතනින් ලබා දිය යුතුය.ඒ සඳහා android: orientation attribute එකට “horizontalහෝ “verticalයන එක් දිශාවක් ‌ලබා දීමට අවශ්‍ය වෙනවා.
LinearLayout එක mobile device එකක පෙන්නන්නේ පහළින් දැක්වෙන ආකාරයට..



RelativeLayout
RelativeLayout එක තුළ තියන views එකිනෙකට relative ලෙස display කරනවා.මෙම එක් එක් view ඊට සාපේක්ෂව ඇති අනෙක් view එකට අනුව වෙනස් කරන්න පුලුවන්.

RelativeLayout එක mobile device එකක පෙන්නන්නේ පහළින් දැක්වෙන ආකාරයට..


ScrollView

ScrollView එකක් මඟින් views හෝ layouts සිරස් අතට(vertical) ViewGroup එකක් මත scrolling කිරීමට භාවිතා කළ හැක.


මෙම ScrollView සහය දක්වන්න‌ේ vertical scrolling සඳහා පමණක් නිස‌ා, horizontal scrolling සඳහා HorizontalScrollView එක භාවිතා කළ යුතුයි.

අද post එක නම් ටිකක් දිගයි..ඒත් views සහ layouts ගැන ඔයාලට පැහැදිලි අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය වෙන මූලික කරුණු ඉහතින් විස්තර කරා මම...ඒ වගේම අද පාඩමෙන් ඔයාලට නොතේරුනු දෙයක් තියනවා නම් comment කරලා අහන්න පුලුවන්...
එහෙන්ම් යාළුවනේ ගිහින් එන්නම්...

හැමෝටම සුබ දවසක්...

No comments:

Post a Comment