හොදයි යාලුවනේ අපි කලින් පාඩමකින් ඉගෙන ගත්තා “Hello World” කියලා display කරන Android Project එකක් නිර්මාණය කරගන්න විදිහ..දැන් බලමු ඔයාගේ application එක real device එකක හරි emulator එකක හරි run කරන්නේ කොහොමද කියලා..
Real device එකක run කිරීම
පහළින් දැක්වෙන විදිහට ඔයාගේ device එක set up කරන්න ඔිනි.
- Mobile device එක USB cable එකක් use කරලා computer එකට සම්බන්ධ කරන්න.
- දැන් Settings වලට යන්න.
- Settings වල පහළට ගියාම තියන About Phone select කරන්න.
- එහි පහළට ගියාම තියන Build number මත 7 times tap කරන්න.
- දැන් previous screen එකට ගිහින් Developer options select කරලා එහි ඇති Developer options සහ USB debugging enable කරන්න.
- දැන් Android Studio හි Project Window එකෙහි ඇති app module එක click කරලා Run > Run කියන path එක select කරන්න.(නැතිනම් toolbar එකේ දකුණු පසින් ඇති කොළ පාට button එක click කරන්න)
- ඊළගට එන Select Deployment Target window එකෙන් ඔයාගේ device එක select කරලා Ok කරන්න.
ටික වේලාවක් ගියාම app එක mobile device එකේ install වෙලා run උනාට පස්සේ
“Hello, World!” කියලා ටික වේලාවක් ගියාම app එක mobile device එකේ install වෙලා run උනාට පස්සේ “Hello World!” කියලා screen එකේ display වෙනවා.
Emulator එකක run කිරීම
1). Android Studio හි Project Window එකෙහි ඇති app module එක click කරලා
Run > Run කියන path එක select කරන්න.(නැතිනම් toolbar එකේ දකුණු පසින් ඇති කොළ පාට button එක click කරන්න)
2).ඊළගට එන Select Deployment Target window එකෙන් Create New Virtual Device button එක click කරන්න.
3). Select Hardware screen එකෙන් Nexus හෝ Pixel වගේ Phone Device එකක් select කරලා Next කරන්න.
4).ඊළගට එන System Image screen එකෙන් highest API level තියන version එක select කරලා Next කරන්න. (එම version එක install කරගෙන නැත්නම් Download link එකට ගිහින් download කරගන්න පුලුවන්)
5).දැන් එන Android Virtual Device (AVD) screen එකේ settings වෙනස් නොකර Finish button එක click කරන්න.
6). Select Deployment Target window එකෙන් අපි නිර්මාණය කරපු deviceඑක select කරලා OK button එක click කරන්න.
ටික වේලාවක් ගියාම app එක emulator එකේ install වෙලා run උනාට පස්සේ
“Hello, World!” කියලා display වෙලා තියනවා බලාගන්න පුලුවන්.
සුබ දවසක් ඔයාලා හැමෝටම...
No comments:
Post a Comment