සුබ දවසක් යාලුවනේ..
පසුගිය post එකෙන් android project එක create කරගන්න විදිහ කියලා දුන්නා මම.අද බලමු project එක run කරන්න කලින් දැනගෙන ඉන්න ඔිනි මොනවද කියලා..
Project එක run කරන්න කලින් අපි Android SDK Manager කියන Tool එකට ගිහින් android app එක develop කරන්න අවශ්‍ය වෙන SDK Tools,Platforms සහ Components install කරගන්න ඔිනි..ඒ සදහා Tools > SDK Manager path එකෙන් හරි toolbar එකේ තියන SDK Manager Icon එක click කරන්න.(පහළින් තියන image එකේ දකුණු පැත්තෙන් තියන ඊතලෙන් පෙන්නන්නෙ Icon එක)
දැන් එන window එකේ පහළින් තියන package වලට ඉස්සරහන් ඇති Checkbox එකට checkmark එකක් දාන්න.ඉදිරියට තවත් packages ඔිනි උනොත් update කරගන්නත් පුලුවන්.
දැන් පහළින් තියන Apply button එක click කරාම ඒ tools වලට අදාළ license agreements සමග ඔයා agree උනාට පස්සේ Ok button එක click කරන්න තියන්නේ්.
මෙහිදි ඔයාලා SDK Tools tab එකෙන් select කරගන්න ඔිනි වෙන Recommended packages මම පහළින් විස්තර කරලා තියනවා.
Android SDK Build-Tools - Android apps හදන්න අවශ්‍ය Tools තමයි මේ package එකේ තියන්නේ.https://developer.android.com/studio/releases/build-tools මේ link එකෙන් වැඩි විස්තර දැන ගන්න පුලුවන්.
Android SDK Platform-Tools - Android Platform එකට අවශ්‍ය වෙන adb tools සහ ඊට අදාළ අනෙකුත් tools මෙහි අන්තර්ගත වෙනවා.
Android SDK Tools - ProGuard වැනි අත්‍යවශ්‍ය tools මෙහි අන්තර්ගත වෙනවා.
ProGuard ගැන දන්නේ නැත්නම් පහළ link එකට ගිහින් වැඩි විස්තර දැන ගන්න පුලුවන්.https://www.perfomatix.com/proguard-android/
Android Emulator - මම Emulator ගැන පළවෙනි post එකෙන් පැහැදිලි කරා මතක ඇතිනේ ඔයාලට.මෙහි දී Android Emulator package එක අවශ්‍ය වෙන්නේ ඔයාගේ application එක Runtime Environment එකේදී debug කිරීම සහ test කිරීම සඳහා භාවිතා කල හැකි QEMU-based device-emulation tool එක මෙහි අන්තර්ගත වෙන නිසා.
SDK Platforms tab එකෙන් අවම වශයෙන් එක Android Platform එකක් install කරගන්න ඔිනි.Platformඑක මගින් different packagesකිහිපයක් සපයනවා.ඒ සදහා ඉහළින් විස්තර කරා වගේ package එකට ඉස්සරහයින් තියන Checkbox එකට checkmark එකක් දාන්න.එම package වල විස්තර බලා ගන්න පුලුවන් window එකේ පහළින් තියන Show Package Details button එක click කරලා.
Android SDK Platform - දැනට තියන අලුත්ම platform එක භාවිතා කරන එක හොදයි.පරණ platforms වලට සාපේක්ෂව හොද user experience එකක් ලබා දෙන්න පුලුවන් මේ නිසා.
Intel or ARM System Images - Android Emulator එක run කරන්න system images අවශ්‍ය වෙනවා.හැම Platform Version එකකටම සහය දක්වන system images මෙහි අන්තර්ගත වෙනවා.
එහෙනම් යාලුවනේ ඔයාලා හැමෝම දිගටම මගේ blog එක සමග රැදෙන්න ආරාධනා කරනවා..ඊළග පාඩමෙන් android application එක run කරගන්න විදිහ කියලා දෙන්නම්..
No comments:
Post a Comment