Friday, November 2, 2018

කොහොමද Android Project එකක් හදන්නේ...


අද පාඩමෙන් මම ඔයාලට කියලා දෙන්නම් සරල android app එකක් හදාගන්නේ
කොහොමද කියලා.අපි සාමාන්යෙන් coding කරන්න Eclipse, NetBeans, IntelliJ IDEACode:: Blocks ආදි IDE එකක් භාවිතා කරනවා නේ..ඉතින් ඔයා හදන applications, software සදහා coding සහ test කරන්න මේ IDE යොදා ගන්නවා..

android platform සදහා applications නිර්මාණය කරන්න Android Studio සහ Eclipse IDE යොදා ගන්නවා..ඉදිරියට මම Android Studio IDE එක තමයි භාවිතා කරන්නෙ..පළමුවෙන් "Hello World" project එකක් නිර්මාණය කර එය ක්රියාත්මක කරන විදිහ කියලා දෙන්නම්.

පළමුව, Android Studio අලුත්ම version එක install කර ගන්න..ඔයාල සාමාන්යෙන් computer එකට software එකක් install කර ගන්න විදිහට android studio install කර ගන්න..දැන් තියන අලුත්ම version එක Android Studio 3.2.1
https://developer.android.com/studio/ මේ link එකෙන් android studio download කරගන්න පුලුවන්..

install කරාට පසුව එන Welcome to Android Studio window එකේ Start a new Android Studio project click කරන්න..


ඊළගට එන Create New Project window එකෙන් පහළින් තියන values වෙනස් කරන්න.
Application Name: "My First App" (App එකට කැමති නමක් දෙන්න මෙතනින්)
Company Domain: "example.com" (domain name එකක් අවශ්‍ය වෙන්නෙ android application එකට unique  package name එකක් ලබා දෙන්න.)
project location එක වෙනස් කරන්න මෙතනින්
අනිත් options අවශ්‍ය වෙන්නෙ නැහැ.
දැන් Next Click කරන්න.


අපි හදන application එක develop කරන්නේ මොනවගේ device(Phone සහ Tablet, Wear Os, Tv) එකකට ද කියලා Target Android Devices screen එකේ තියනවා select කරන්න.එකේ තියන default values වෙනස් නොකර Next button click කරන්න.(minimum SDK කියන්නේ මොකද්ද කියලා පසුව කියන්නම්..)


මේ පියවරේ දී අපිට Add an Activity to Mobile screen එකෙන් app එක පටන් ගන්න layout එක select කරන්න පුලුවන්.මෙහි දී android studio මගින් free define layouts කිහිපයක් සපයනවා.මම Empty Activity එකක් ගන්නම්.
දැන් Next Click කරන්න.

ඊළගට Configure Activity screen එකෙන් අපි හදන project එකේ Activity Name සහ Layout Name ල‌බා දෙන්න පුලුවන්.දැනට default values වෙනස් නොකර Finish button click කරන්න.

Android Studio කියන්නේ heavy IDE එකක් නිසා ටික වේලාවක් යනවා process වෙන්න. Process උනාට පස්සේ IDE එක open වෙනවා.
දැන් බලමු project එක කරගෙන යද්දි වෙනස් කරන්න වෙන files මොනවද කියලා.

පළමුව, බලන්න වෙනවා Project window එක open කරල ද කියලා.
Select View > Tool Windows > Project
එම window හි මුදුනේ තියන drop-down list එකේ Android View තමයි සාමාන්යෙන් තේරිලා තියන්නේ.


දැන් පහත දැක්වෙන files බලන්න.


app > java > com.example.milinda.myapplication > MainActivity
මේකට කියන්නේ MainActivity කියලා.අපේ app එක build සහ run වෙනකොට මේ Activity එකට අදාළ layout එක system එකෙන් launch කරනවා.

app > res > layout > activity_main.xml
මෙම XML file එකෙන් activity's user interface සඳහා layout එකdefine කරනවා.ඒ වගේම "Hello world!” TextView එකක් ද බලා ගන්න පුලුවන්.(Android Studio හි තියන elements ගැන ඉදිරියෙදී පැහැදිලි කරන්නම්.)

app > manifests > AndroidManifest.xml
appඑකෙහි එක් එක් components වලට අදාළ සහ fundamental characteristics ගැන manifest file එකෙන් විස්තර කරනවා. App එකට activity ගොඩක් තියනවා නම් manifest file එකට add කරන්නත් ඔිනි.

Gradle Scripts > build.gradle
project සහ "app" module නමින් build.gradle files 2ක් තියනවා ඔයාලට පෙනවා ඇති.අපිට අවශ්‍ය වෙන dependencies add කරන්න මේ තුළින් පුලුවන්.


ඊළග පාඩමෙන් ඔයාගේ android project එක run කරන්න කලින් SDK Tools install කරගන්න විදිහ කියලා දෙන්නම්..
අද පාඩමේ ඔයාලට නොතේරුනු දෙයක් තියනවා නම් comment එකක් දාලා අහන්න මගෙන්..සුබ දවසක් හැමොටම ;-)

No comments:

Post a Comment